username:

password:




Songs
Albums
Diggers
Comments
Blogwalls

About
 Email Me


394,352 Albums + 592,764 Individual Songs
Whom shall sing, by the butterfly's wing?
Loading...
 
 
Descriptions

Manjula Dilrukshi Sada Ahinsakay Full Album





මංජුලා දිල්රුක්ෂි ගැන යමක්....



අද කැසට් කඩේ පිටුව තුලින් ඔබ වෙත ගෙන එන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී මංජුලා දිල්රුක්ෂි මනතුංග මහත්මියගේ " සද අහිංසකයි" ගීත එකතුවයි.

තුරුණු ශක්ති තුලින් ගායන ලොවට පිවිසි මංජුලා දිල්රුක්ෂි නව පරපුරේ අපට සිටින අති දක්ෂ ගායන ශිල්පිනියකි.කුඩාකල සිටම ගීත ගායනයට දස්කම් පෙන්වූ ඇය 2001 - 2005 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංස්කෘතික හා සෞන්දර්‍ය විශේෂවේදී උපාධිය හදාරන අතරතුර "නල මුදු සුවද" සංගීත ප්‍රසංගයේ තමාගේම ගීතයක් ගායනා කිරීමට අවස්තාව ලැබුනි.ඉන් අනතුරුව රන්සිළු ආයතනයේ රංජිත් ප්‍රේමලාල් මහතාගේ අතහිත දීම යටතේ

සදේ සිසිළ කැසට් පටය එළිදැක්වීය.



සදේ සිසිළ මට එපා .. සදට වැඩියෙන් සිසිළක් ඔබගෙන් ලැබෙනවා..

මලේ සුවද මට එපා.. මලට වැඩියෙන් සුවදක් ඔබ ලග හමනවා..රු

ඒ සදට මලට වැඩියෙන් මම ඔබට ආදරේ....



ඒ හරහා අතිශය ජනප්‍රියත්වයට පත් ඇය රන්සිළු ආයතනය හරහාම ඇගේ දෙවන ගී එකතුව සද අහිංසකයි ගී එකතුවද එලිදැක්වීය.



සද අහිංසකයි සදට වැඩිය ඔබ අහිංසකයි..

ඔබෙ සුවද දැනෙයි ඔබ මං ළග ඉන්නවා වගෙයි...



මේ ගීතය සේම මෙහි ඇතුලත් අපවත්වී වදාල ප්‍රවීණ ගී පද රචක කවිකීර්ති හිමියන් විසින් රචිත ආචාර්‍ය රෝහණ වීරසිංහයන් සංගීතය නිර්මාණය කල වෙළද කලාපයේ යුවතියන් වෙනුවෙන් ගැයුනු ගීය ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්විය.



කටුනායක ඇදුම් මහන අපේ නංගිට..

හිනාවෙන්න එපා ඔහොම සමච්චලේට...

කුමාරියක් නොවුන නිසා රාජමැදුරක...

බඹරුනි වින කරන්නෙපා ගමේ සුවදට...



2015 වසරේ රාජ්‍ය සම්මානයෙන්ද පුදලද ඉතාම නිහතමානී ගායන ශිල්පිනියක් වන ඇය දැනට කොළඹ රාජකීය විද්‍යාලයේ සංගීත ආචාර්‍ය වරිය ලෙස තමා ලැබූ සංගීත දැණුම දරුවන්ට දායාද කරමින් කටයුතු කරන්නීය.



'සද අහිංසකයි' ගී එකතුව සදහා දායක වූ සියලුම ශිල්පීන් ඔබට දැක ගැනීම සදහා මෙසේ ඉදිරිපත් කරමි.(පහත Link එක හරහා වීඩියෝව නරඹන්න.)මෙය සවන රෙකෝඩ්බාර් බෙදාහැරීමකි.

මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.මෙම Link එක ( https://www.facebook.com/කැසට්-කඩේ-Ca...

) හරහා ඔබට කැසට් කඩේ ෆේස් බුක් පිටුවට Like කිරීමෙන් කැසට් සීඩී තොරතුරු දැනගත හැක.

(නාමල් කොළඹ ආරච්චි)

පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.



01.මංජුලා දිල්රුක්ෂි - සදේ සිසිළ

https://youtu.be/gU6oJNbMaRg



02.මංජුලා දිල්රුක්ෂි - සද අහිංසකයි

https://youtu.be/s-zjFaYgNbA

© 2021 DigMusic Online{"nextalbum":"","nexttitle":"Next Track","duration":0}