username:

password:



 

 Songs
 Albums
 Diggers
 Comments
 Blogwalls

 About
 Email Me


445,329 Albums + 604,843 Individual Songs
Send
Send
 
 
Descriptions

Purple Range Saman Indika Sada Sisila Full Album


Playing Next: The Reggae Artists Gallery Cornell Campbell (Full Album)
Random Page  /  Random Album


Sada Sisila | Full Album

සමන් ඉන්දික ගැන යමක්...



කැසට් කඩේ තුලින් මීලගට ඔබට තිලිණ කරන්නේ සේනක ක්‍රිස්බන් ප්‍රමුඛ පර්පල් රේන්ජ් සංගීත කන්ඩායම සමග වත්මන් ඇඹිලිපිටිය ඩිලයිටඩ් සංගීත කන්ඩායමේ නිත්‍ය ගායක සමන් ඉන්දික මහතා එලිදැක්වූ \"සද සිසිළ\" ගී එකතුව රැගත් සංයුක්ත තැටියයි.මෙය ඔහු රසිකයා අතර වඩාත් කතාබහට හා ජනප්‍රියත්වයට පත්කල ගී එකතුවයි.



නුඹෙ සුවද විදගන්න සිහිනෙන් පවා

මම පිං කලාවත්ද සසරේ පුරා...



වනපොජ්ජට ගාල් වෙච්ච වන්නිල පරපුරේ ඇත්තියේ

සිත් පොජ්ජට වාරු නැතිද මංගැන සෙනෙහසක් පැංචියේ...



මේ ගීත ඇසූ බොහෝ දෙනා එකල මේ ගී ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මහතා ගයන්නේයයි වැරදි අවබෝධයකින් පසුවිය.ඒ මෙම ගීත ආරය සහ හඩ චාමරගේ හඩහා යම් සමානකමක් දැක්වීමයි.නමුත් එමගී තවත් ඔහු ලෙසම දකුණුලකින් බිහිවූ නිහතමානී කලාකරුවකු වන සමන් ඉන්දිකගේය. 1982 වසරේ උපන් සමන් ප්‍රාතමික අධ්‍යාපනය හම්බන්තොට දීපංකර ප්‍රාතමික විදුහලෙන්ද සා/පෙළ දක්වා හ/තංගල්ල රාහුල විද්‍යාලයෙන්ද උ/පෙළ හ/නෙටොල්පිටිය ගැමුණු මහ විදුහලෙන්ද හැදෑරීය.

එකල සිටම සංගීතයට ඇලුම් කල සමන් හට සංගීතයෙන් ඉදිරියට යාමට මුලින්ම අතහිත දෙන්නේ මාතට ජගත් ජයවර්ධනයන්‍ ය.පසුව පර්පල් රේන්ජ් සේනක ක්‍රිස්බන් මහතා සමන් හට ගායකයකු ලෙස ජනතාව අතරට යාමට බොහෝ සෙයින් උදව් උපකාර කලේය. කන්ඩායම් සංගීතයට සමන් ඉන්දික පිවිසෙන්නේ 1999 වසරේ නදී තරංගා සංගීත කන්ඩායමෙනි.ඉන් පසු හක්මන රෂ්මි,සුපර් රේන්ජ්,තංගල්ල රුහුණු ෆ්ලෑෂ්,පර්පල් රේන්ජ් 02 හීරෝස්, ඇඹිලිපිටිය නිව්ටෙක්,මාතර ශ්‍රී ලයන්ස්,තංගල්ල සීරියස් සංගීත කන්ඩායම් වලින් අනතුරුව වර්තමානයේ ඇඹිලිපිටිය ඩිලයිටඩ් හා එකතුව තම සංගීත ගමන යන්නේය.පර්පල් රේන්ජ් සමග සදසිසිල ගී එකතුව එළිදැක්වූ අවදියේම පර්පල් රේන්ජ් සංගීත කන්ඩායම එලිදැක්වූ ෂැඩෝස්ටාර් නොනවතින ගී එකතුවට සමගේ ගීත කිහිපයක් චාමරගේ හඩින් ඇතුලත් වීමෙන් ඔහුගේ එම ගී ජනතාව අතර අතිෂය ජනප්‍රිය වූ අතර ඒ හේතුවෙන් එම ගී චාමරගේ යයි බොහෝ දෙනා සිතීමට හේතුවිය.පර්පල් රේන්ජ් හා ඉතා සමීපව කටයුතු කල සමන් තනු නිර්මාපකයකුද වන අතර,චාමරට මෙන්ම සතුට සුරංගටද ගීත නිර්මාණය කොට ඇත.සංගීත ලොවේ නිහතමානී ගමනක් යන සමන්ගේ කලකට පෙර අප අතර ජනප්‍රිය වූ මෙම ගී එකතුව ඔබවෙත තිළිණ කරන්නේ ඒ අතීත මතකය නැවත ආවර්ජනය සදහායි.

මෙය දික්වැල්ල දේවරාජ එන්ටර්ප්‍රයිසස් නිෂ්පාදනයක් වන අතර රංසිළු බෙදාහැරීමකි.

මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.මෙම Link එක ( https://www.facebook.com/කැසට්-කඩේ-Cassate-Kade-113074076748624/) හරහා ඔබට කැසට් කඩේ ෆේස් බුක් පිටුවට Like කිරීමෙන් කැසට් සීඩී තොරතුරු දැනගත හැක.

(නාමල් කොළඹ ආරච්චි)

පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.



01.ශ්‍රී ලයන්ස් | සමන් ඉන්දික | නීල ඔය දෑස

https://youtu.be/4jflJtV3rcM



02.පර්පල් රේන්ජ් | සමන් ඉන්දික | සද සිසිළ

https://youtu.be/0L-xcEGcsLs

© 2021 Basing IT